Powered By Blogger

Sunday 11 June 2023

DIANA [PRINCESS OF WALS]

DIANA [PRINCESS OF WALS]

ඩයනා

ඒ කාලයේ මට ඩයනාගෙ පිස්සුව තදින් වැළදී තිබ්ණි.අපේ ගෙදර ටී වී එකක් ගත්තේ ඩයනාගෙ වෙඩිම බලන්නටය.දේවස්ථානයෙ පඩිපෙළ දිගේ ඩයනාගෙ වේලය දිවෙන සැටි මට තවම මතකය.මගුල් මුද්ද පළදද්දි ඩයනා චාල්ස් දෙස බැලු ඇගෙ සුපුරුදු යටැස් බැල්ම තාම මතකය.ඩයනා මගෙ ලෝකයෙ රැජිණ වූවාය.එවක මගෙ වයස අවුරුදු 4ක් පමණ වන්නට ඇත.

අම්මාගෙ ශ්‍රි සගරාවල ඇති ඩයනා ගෙ විස්තර මම තතන තතනා කියවන්නෙමි.ඇගෙ ඇදුම් මෝස්තර බලන්නෙමි.ටිකක් ලොකු වූ කළ මගෙ බිත්තිය පුරා සිටියේ ඩයනාය.ඩයනාගෙ රන්වන් පැහැ කොණ්ඩයට මම ආසා කරන්නෙමි.

එදවස මගෙ කොණ්ඩය කැපුවේ මහරගම සැලෝන් දීපිකා එකෙනි.එතන අද ඇත්තෙ D S I සාප්පුවයි.මම කපන්නෙ ඩයනා කට් ය.කොණ්ඩය වවන තුරුම මම කැපුවේ ඩයනා කට්‍ ය.

තාමත් ගවුම් අදින්නෙ ඩයනා විලාසිතාය.බේබි කොලර් ඒ ලයින් ලොවිච්චි බෝරිච්චි..හිත යන්නෙ ඒවාටමය.

ඩයනාට සේම මටත් නැනී කෙනෙක් වන්නට ඕනෑ වී තිබුණි.කසාද නොබැන්දොත් sos ගම්මානයෙ නැනි කෙනෙක් වෙන්නට සිතා සිටියෙමි.

මහරැජිණ මට එපා වූයෙ පුංචි විලියම් ඩයනාගෙන් වෙන් කළදාය.චාල්ස් නම් එපාවටම එපා ය.

හැමදාම සමුදුර පත්තරෙ ඩයනාගෙ ජීවිත කතාව පළවෙයි.මේවා කපා මම පොතක අලවාගෙන සිටියෙමි.එහි ඩයනාගෙ පින්තූර කැප්ෂන් සහිතව පළවෙයි.

ඩයනාගෙ දික්කසාදයෙන් පසු ඇගෙ මාධ්‍ය හමුවෙ සේයාරූ කැප්ෂන් සහිතව මෙසෙ පළවිය.

"ඩයනා ඇඩුවාය

ඩයනා බැන්නාය

ඩයනා රැව්වාය.."

ඈ හැදන් උන්නෙ සුදු බේබි කොලර් සහිත කලුගවුමකි.

ඈ තරම් සුන්දර කාන්තාවක් මට මේ ලෝකෙ නැත.තාමත් මට ඩයනා පිස්සුවය.මුදු කරාබු සියල්ල ඩයනා  මෝස්තර ය.

ඈ මියගියද ඈ තවමත් මට ජීවමානය.

(වෙලාවට මට දුවෙක් නැත.හිටියා නම් ඇයත් ඩයනා මෝස්තරයේය)

ඉරේෂා අමරකෝන්

 

3 comments:

  1. සැබැවින්ම මමත් ඩයිනා ටප්‍රිය කරපු කෙනෙකි .ඔබේ උත්සාහය...ඉතා අගනේය ...💐💐💐

    ReplyDelete

TANK YOU FOR YOU FEEDBACK